MINISTRY OF HEALTH

Sri Lanka

 

පසුගිය වසර 03 ට උතුරේ සෞඛ්‍ය සංවර්ධනයට පමණක් රුපියල් මිලියන 35000 ක් වියදම් කර තිබෙනවා.... 2019-11-06

“ලබන වසරේ කිලිනොච්චිය රෝහලේ මාතෘ වාට්ටු සංකීර්ණයක් සහ හදිසි අනතුරු ප්‍රතිකාර සේවාවන් ආරම්භ කිරීමට පියවරගන්නවා” සුව ඇමැති පවසයි.
 
සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා මෙම අදහස් පළ කරන ලද්දේ උතුරු පළාතේ මාන්කුලම් ප්‍රදේශයේ පැවැති උත්සව අවස්ථාවක් සදහා එක් වෙමිනි.
 
මෙහිදි උතුරු පළාතේ රෝහල් සංවර්ධනය සදහා යහපාලන රජය ගෙන ගිය වැඩපිළිවෙල පිළිබදව අදහස් දැක් වූ සෞඛ්‍ය අමාත්‍යවරයා -
 
සෞඛ්‍ය අමාත්‍යවරයා විදිහට උතුරු පළාතේ සියලු රෝහල් මම  සංවර්ධනය කර තිබෙනවා. යුද්ධ කාලේ තමුන්නාන්සේලාගේ රෝහල් 68 ක් විනාශ වී තිබුණා. විදේශ ආධාර යටතේ මම ඒ රෝහල් 68 ම සංවර්ධනය කළා. එකම දවසක එම රෝහල් 68 ම විවෘත කළා. අපි කිලිනොච්චිය රෝහලේ මාතෘ වාට්ටු සංකීර්ණයක් හදනවා. එන අවුරුද්දේ එහි හදිසි අනතුරු සේවාවක් ආරම්භ කරනවා. චාවකච්චේරි, පේදුරුතුඩුව රෝහල්වල හදිසි අනතුරු සේවා ඒ්කක සහ විශේෂඥ සේවා ආරම්භ කරනවා. ඊට අදාල ගොඩනැගිලි දැන් හදාගෙන යනවා. මුලතිව් රෝහල නවීන තාක්ෂණයට අනුව සංවර්ධනය කර තිබෙනවා. මන්නාරම රෝහලේ හදිසි අනතුරු ප්‍රතිකාර සේවාවන් ආරම්භ කිරීමට පියවර ගනිමින් සීටී ස්කෑන් යන්ත්‍ර ඇතුලු වෛද්‍ය උපකරණ ලබාදුන්නා. කුඩා රෝහල් සියල්ලමත් සංවර්ධනය කිරිමට අපි පියවර ගෙන තිබෙනවා. පසුගිය අවුරුදු 03 ට උතුරේ සෞඛ්‍යසංවර්ධනය සදහා පමණක් රුපියල් මිලියන 35000 ක් වියදම් කර තිබෙනවා. බස්නාහිර පළාතට පසු වැඩියෙන්ම වියදම් කර තිබෙන්නේ උතුරට. සෞඛ්‍ය විතරක් නොවෙයි අනෙකුත් සේවාවන්ට අවශ්‍ය භෞතික සම්පත් ඇතුලු මාර්ග පද්ධතිය ද සංවර්ධනය  කර තිබෙනවා.”
 
මෙම අවස්ථාවට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා, අමාත්‍ය පී.හැරිසන් මහතා, උතුරු පළාතේ දේශපාලන නියෝජිතයින් ඇතුලු විශාල පිරිසක් එක්ව සිටියහ.
 
එම්.අයි.ඡේ. විඡේනායක
සෞඛ්‍ය,පෝෂණ හා දේශීය වෛද්‍ය   අමාත්‍යතුමාගේ මාධ්‍ය ලේකම්.
 
Read more >>>>>