MINISTRY OF HEALTH

Sri Lanka

 

Launch of the Fundraiser for the Purchase of Tomotherapy and Liner Accelerator Machine to Apeksha Hospital, Maharagama 2019-04-02

 

මහරගම අපෙක්ෂා රෝහලට linear accelerator යන්ත්‍රයක් සහ Tomo Therapy යන්ත්‍රයක් ලබාගැනිමට සෞඛ්‍ය අමාත්‍යාංශය සමග ගිවිසුම් අත්සන් කෙරේ.

 

මහරගම අපෙක්ෂා රෝහලේ පිළිකා රෝගීන් සදහා අවශ්‍ය linear accelerator යන්ත්‍රයක් සහ Tomo Therapy යන්ත්‍රයක් ලබාගැනිම සදහා ආධාර එකතු කිරිම සහ සෞඛ්‍ය අමාත්‍යාංශය සමග ගිවිසුම් අත්සන් කිරිම සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ ගලධාරි හෝටලයේ දී  (01) ඊයේ පස්වරුවේ පැවැත්විනි.

 

සෞඛ්‍ය අමාත්‍යාංශය වෙනුවෙන් වැඩබලන සෞඛ්‍ය ලේකම් නිමල් බාලසූරිය මහතා සහ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා එකගතා ගිවිසුමට අත්සන් කළ අතර ෆයිටර් කැන්සර් සංවිධානය වෙනුවෙන් එහි සභාපති එම්.එච්.එම් මොහොමඩ් මහතා ගිවිසුමට අත්සන් තබන ලදි.

 

මහරගම අපේක්ෂා රෝහලේ  ඇටමිදුලු බද්ධ කිරිම කඩිනමින් ආරම්භ කරන බවත්, පිළිකා රෝගීන්ට සහන සැලසීම සදහා අවශ්‍ය යන්ත්‍ර ලබාගැනීමට ෆයිටර් කැන්සර් සමාගම දාක්වන සහයෝගය සෞඛ්‍ය අමාත්‍යවරයා මෙහිදී අගය කරන ලදි.

 

මෙම අවස්ථාවට සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍ය ෆයිසාල් කාසීම්, මහරගම අපෙක්ෂා රෝහලේ අධ්‍යක්ෂ වසන්ත දිසානායක, රාජ්‍ය  ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපති ආචාර්ය එම්.එච්.එම් රූමි මහතා ඇතුලු විශාල පිරිසක් එක්ව සිටියහ.