MINISTRY OF HEALTH

Sri Lanka

 

5 Percent Discounts for the clergy by the SPC 2019-03-26


"ඖෂධ මිලදී ගැනීමේ දී පූජ්‍ය පක්ෂයටත් සියයට 5 ක වට්ටම් මුදලක්" සුව ඇමැති කියයි.


ඖෂධ මිල දී ගැනීමේ දී පූජ්‍ය පක්ෂය සදහා සියයට 5 ක වට්ටමක් ලබාදෙන ලෙස සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපති අචාර්ය එම්.එච්.එම් රූමි මහතා වෙත අද (25) උපදෙස් ලබාදුන්නේය.


රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ 42 වන ඔසුසල මාතලේ නගරයේ දී අද පෙරවරුවේ විවෘත කළ අතර, එම අවස්ථාවේ දී සෞඛ්‍ය අමාත්‍යවරයා මෙම උපදෙස් ලබාදෙන ලදි.


මේ වන විට ගර්භනී කාන්තාවන්ට, වයස අවුරුදු 05 ට අඩු දරුවන්ට, වයස අවුරුදු 55 ඉක්ම වූ ඡ්‍යෙෂ්ඨ පුරවැසියන්ට රණවිරු වරප්‍රසාද කාඩ්පත් හිමියන්ට ඖෂධ මිලදී ගැනීමේ දී රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව මගින් සියයට 5 ක වට්ටම් මුදලක් ලබාදෙයි.


මෙම අවස්ථාවට මධ්‍යම පළාත් සභාවේ හිටපු සෞඛ්‍ය අමාත්‍ය බන්දුල යාලේගම මහතා, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මාතලේ හිටපු සංවිධායක උජිත් අනුරාධ මහතා, රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපති ආචාර්ය එම්.එච්.එම් රූමි මහතා, කළමණාකාර අධ්‍යක්ෂ වෛද්‍ය විල්ප්‍රඩ් කුමාරසිරි මහතා ඇතුලු  රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ අධ්‍යක්ෂවරුන්, නිලධාරින් ඇතුලු ප්‍රදේශවාසීන් විශාල පිරිසක් එක්ව සිටියහ.