MINISTRY OF HEALTH

Sri Lanka

 

Appointment of 2150 new health employees to the state health sector 2019-02-06


සෞඛ්‍ය සේවාවේ තවත් 2150 කට පත්වීම් ලිපි ප්‍රදානය කිරීම ලබන (05) දා.

සමස්ත ශ්‍රී ලංකාවාසී ජනතාවට ගුණාත්මක සෞඛ්‍ය සේවාවක් ලබාදීමේ අරමුණින් සහ සෞඛ්‍ය සේවාවේ මානව සම්පත ඉහළ නැංවීමට පියවර ගනිමින් සෞඛ්‍ය සේවකයින් 2150 කට පත්වීම් ලිපි ප්‍රදානය කිරීම සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් 2019.02.05 දින පස්වරු 2.00 ට අරලියගහ මන්දිරයේ දී සිදු කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය කටයුතු යොදා ඇත.

ඒ අනුව විශේෂ ශ්‍රේණිය වෛද්‍ය රසායානාගාර කාර්මික විද්‍යාඥ 13 ක්, වෛද්‍ය රසායනාගාර කාර්මික විද්‍යාඥ 116 ක්, ඖෂධවේදී 176 ක්, විකිරණ ශිල්පී 41 ක්, විද්‍යුත් නිකර්පන රේඛන සටහන්කරු 09 ක්, මහජන සෞඛ්‍ය රසායනාගාර ශිල්පී 10 ක්, දන්ත චිකිත්සක 03 ක්, සිසු පවුල් සෞඛ්‍ය සේවා නිලධාරී 845 ක්, වෛද්‍ය සැපයීම් සහකාර 53 ක්, නිවාස භාරකාරීනී/භාරකරු 131 ක්, ආහාර නිරීක්ෂිකා 54 ක්, ෆෝක් ලිෆ්ට් 07 ක්, උපස්ථායක (පුහුණුව සදහා) 692 වශයෙන් 2150 කට පත්වීම් ලබාදීමට නියමිතය.

ස්තූතියි. 

                        
මෙයට,
විශ්වාසී


ප්‍රසන්න අධිකාරි
අධ්‍යක්‍ෂ (මාධ්‍ය)