MINISTRY OF HEALTH

Sri Lanka

 

Ratnapura Provincial General Hospital Upgraded to Teaching Hospital 2019-01-18

 
රත්නපුර මහ රෝහල ශික්ෂණ රෝහලක් බවට පත් කිරීම අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සහ සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ සහභාගීත්වයෙන් අද (17) පෙරවරුවේ සිදු කෙරිනි. 
 

‍මෙම අවස්ථාවට අමාත්‍යවරුන් වන තලතා අතුකෝරාළ, රවුෆ් හකීම්, කරුණාරත්න පරණවිතාන, ෆයිසාල් කාසීම්, පාර්ලිමෙින්තු මන්ත්‍රීවරුන්, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ, අතිරේක ලේකම් වෛද්‍ය සේවා වෛද්‍ය සුනිල් ද අල්විස් රත්නපුර රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය සම්පත් රණවීර මහතා ඇතුලු විශාල පිරිසක් එක්ව සිටියහ.