MINISTRY OF HEALTH

Sri Lanka

 

Health Minister Received Gold Award...... 2018-05-02

 
අන්තර්ජාතික පාරිසරික එකමුතුව සංවිධානය කළ ලෝක බෞද්ධ මහා සමුලුව රාජගිරිය සදහම් සෙවනේ දී ඊයේ (01) පස්වරුවේ ආරම්භ විය. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ වූ මෙම සමුලුවට සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා ද එක්ව සිටියේය.
 
මෙම සමුලුව සාර්ථක කර ගැනීම සදහා සෞඛ්‍ය අමාත්‍යවරයා දැක් වූ දායකත්වය තුති පුද කිරිම වෙනුවෙන් අන්තර්ජාතික පාරිසරික එකමුතුව විසින් සෞඛ්‍ය අමාත්‍යවරයාට රන් සම්මානයක් ද පිරිනමන ලදි.