පරීක්ෂණ කටයුතු අවසන් වන තෙක් රට හැර පළා යාමට ඉඩ නොතබන බවට සෞඛ්‍ය අමාත්‍යවරියගෙන් ප්‍රකාශයක්.
රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපති ලෙස කටයුතු කළ රූමි මොහොමඩ් මහතා ඖෂධ ගෙන්වීමේ දී හා බෙදාහැරීමේ දී සිදු කොට ඇති දුෂණ, වංචා, මුල්‍ය අවභාවිතයන් සහ හොර රහසේම විදේශගතවීමට උත්සාහ දැරීම පිළිබදව මාධ්‍ය ඔස්සේ පළ වූ වාර්තා සම්බන්ධයෙන් සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය, කාන්තා හා ළමා කටයුතු සහ සමාජ ආරක්ෂණ අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්ච් මහත්මියගේ දැඩි අවධානය යොමුව ඇත.
ඒ අනුව රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපති ලෙස කටයුතු කළ රූමි මොහොමඩ් මහතා පිළිබද තමා දැඩි අවධානයෙන් සිටින බවත්, පරීක්ෂණ කටයුතු අවසන් වන තෙක් කිසිවිටෙකත් මොහුට රට හැර පළා යාමට ඉඩ නොතබන බවත් ඒ පිළිබද අදාල අංශ දැනුවත් කිරීමට මේ වන විටත් පියවර ගෙන ඇති බවත් අමාත්‍යවරිය පැවැසීය. එමෙන්ම මොහු විසින් ඖෂධ ගෙන්වීමේ දී සහ බෙදාහැරීමේ දී සිදු කොට ඇති බවට පැවැසෙන දූෂණ, වංචා, මූල්‍ය අවභාවිතයන් පිළිබද සොයා බැලීම සදහා විශේෂ විමර්ශණ කොමිටියක් පත් කරන ලෙස තමන් අමාත්‍යාංශයේ ලේකම් වෙත දැනුම් දුන් බවත් ඊට අදාල කටයුතු මේ වන විටත් සිදු වෙමින් පවතින බව ද අවධාරණය කරන ලදි.
තව ද රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ හිටපු සභාපතිවරයා විසින් ඖෂධ ගෙන්වීමේ දී හා බෙදාහැරීමේ දී සිදු කොට ඇති දුෂණ, වංචා ඇතුලු මූල්‍ය අවභාවිතාවන් පිළිබද තොරතුරු දන්නා අය වෙතොත් තමා වෙත පෞද්ගලිකව හෝ අමාත්‍යාංශය මගින් පිහිටුවීමට පියවර ගෙන ඇති විශේෂ විමර්ෂණ කොමිටිය වෙත ලිඛිතව හෝ වාචිකව නොපමාව දැනුම් දෙන ලෙස ද අමාත්‍යතුමිය වැඩිදුරටත් ඉල්ලා සිටියි.
විරාජ් අබේසිංහ
(මාධ්‍ය ලේකම්)
සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය, කාන්තා හා ළමා කටයුතු සහ සමාජ ආරක්ෂණ අමාත්‍යාංශය
SUWASIRIPAYA, No 385, Rev.
Baddegama Wimalawansa Thero Mawatha,
Colombo 10, Sri Lanka.
Telephone(General):
(+94)112 694033, (+94)112 675011,
(+94)112 675449, (+94)112 693493
Copy Right @ MINISTRY OF HEALTH
Last Update 0000-00-00