MINISTRY OF HEALTH

Sri Lanka

 

“ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය නංවාලිමට ඉන්දියාව සහාය ලබාදීමට සූදානම්” අගමැති මෝදිගෙන් සුව ඇමැතිට සහතිකයක්. 2019-06-14

 

ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාව නංවාලීම සදහා අවශ්‍ය පූර්ණ සහයෝගය ලබාදීමට තමන් සූදානම් බව ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා ප්‍රකාශ කළ බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පවසයි.

 

එක්දින නිල සංචාරයක් සදහා දිවයිනට පැමිණි ඉන්දීය අග්‍රාමාත්‍යවරයා ජනාධිපති මන්දිරයේ දී රජයේ මැති ඇමැතිවරුන් හමු වූ අවස්ථාවේ දී මේ බව ප්‍රකාශ කර ඇත. ඒ පිළිබදව ඉදිරියේ දී ඉන්දීය අග්‍රාමාත්‍යවරයා සමග සාකච්ඡා කරන බව සෞඛ්‍ය අමාත්‍යවරයා සදහන් කරයි.

 

ඉන්දීය අග්‍රාමාත්‍යවරයා මහ මැතිවරණය ජයගෙන යළි අග්‍රාමාත්‍යධූරයට පත් වූ පසු සෞඛ්‍ය අමාත්‍යවරයා විසින් සුබපැතුම් පණිවිඩයක් ද යොමු කරන ලදි.

 

 

මාධ්‍ය ඒකකය
සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය