MINISTRY OF HEALTH

Sri Lanka

 

Opening New Outlet of Rajya Osusala at Dambulla 2019-03-26

 

43 වන ඔසුසල දඹූල්ලේ දී විවෘත වෙයි.

රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ 43 වන ඔසුසල දඹුල්ල නගරයේ දී සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් අද (25) පස්වරුවේ විවෘත කෙරිනි.

 

මෙහිදී අදහස් දැක් වූ සෞඛ්‍ය අමාත්‍යවරයා - රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ ඔසුසල් ජාලය අද වන විට 43 දක්වා වැඩි වී තිබෙනවා. වත්මන් රජය බලයට පත් වන විට දිවයින පුරා තිබුනේ ඔසුසල් 30 ක් පමණයි. දිස්ත්‍රික්ක පුරා ඔසුසල් පිහිටුවමින් ඔසුසල් ජාලය දීප ව්‍යාප්ත කරනවා. රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සේවකයින්ට ලාභයෙන් සියයට 50 ක වැටුප් වැඩිවීමක් අපි ලබාදුන්නා. මෙම වසරේ දී බෝනස් ලබාදීමට ද තීන්දු කර තිබෙනවා. සිංහල හා හින්දු අලුත් අවුරුද්ද වෙනුවෙන් රුපියල් 10000 අවුරුදු දීමනාවක් ද සේවකයින්ට ලබාදෙනවා. ලාභ ලැබීමේ දී සේවකයින්ටත් දීමනා ලබා දිය යුතුයි. රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව 2015 වසරින් පසු විශාල දියුණූවක් ලබා තිබෙනවා. ඖෂධ මිල නියාමනය කිරීම නිසා අඩු මිලට ඖෂධ සැපයීමේ දී සංස්ථාව විශාල කාර්යභාරයක් ඉටු කරනවා. ඉදිරියේ දී පූජ්‍ය පක්ෂයටත් සියයට 5 ක වට්ටමක් ඖෂධ මිල දී ගැනීමේ දී ලබාදීමට සංස්ථාව කටයුතු කරනවා. විවිධ මහජන සුබසාධන සේවාවන් රැසක් සිදු කරන අතර, මෙම ඔසුසල මහජන දේපලක් ලෙස සළකා ආරක්ෂා කළ යුතුයි. ඉදිරියේ දී තවත් ඖෂධ වර්ග 27 ක මිල නියාමනය කිරීමට අපි කටයුතු කරනවා.

 

මෙම අවස්ථාවට එක්සත් ජාතික පක්ෂයේ දඹුල්ල ප්‍රධාන සංවිධායක ප්‍රියාන් විඡේරත්න, හිටපු පළාත් සභා මන්ත්‍රී විජිත් අනුරාධ, දඹූල්ල නාගරික මන්ත්‍රී කුසුම්සිරි ආරියරත්න, දඹුල්ල ප්‍රාදේශිය ලේකම් ලක්ෂ්මි හේවා පතිරණ, රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපති ආචාර්ය එම්.එච්.එම් රූමි, කළමණාකාර අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය විල්ප්‍රඩ් කුමාරසිරි ඇතුලු විශාල පිරිසක් එක්ව සිටියහ.