MINISTRY OF HEALTH

Sri Lanka

 

Health to be made a Compulsory Subject for G.C.E (Ordinary Level) Examination 2019-03-19



සාමාන්‍ය පෙළ විභාගයට සෞඛ්‍ය අනිවාර්යය විෂයක් වෙයි. - සුව ඇමැති කියයි.

2022 වසරේ සිට සාමාන්‍ය පෙළ විභාගයට සෞඛ්‍ය අනිවාර්යය විෂයක් ලෙස ප්‍රකාශයට පත් කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය සූදානම් බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පවසයි.  

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (17) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් මාධ්‍ය වේදියෙකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින් සෞඛ්‍ය අමාත්‍යවරයා මේ බව පැවැසීය.

බෝනොවන රෝග පිළිබදව පාසල් දරුවන් දැනුවත් කිරීමේ වැඩපිළිවෙළක් තිබේ දැයි මාධ්‍යවේදියා මෙහිදී විමසා සිටියේය. සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඉල්ලීම මත ජාතික අධ්‍යාපන ආයතනය නව විෂය නිර්දේශ සකස් කිරීමේ දී 2022 වසරේ සිට ක්‍රියාත්මක වන පරිදි සාමාන්‍ය පෙළ විභාගයට සෞඛ්‍ය අනිවාර්යය විෂයක් ලෙස ප්‍රකාශයට පත් කිරීමට සුදානමින් සිටිනවා. එමගින් පාසල් දරුවන් සෞඛ්‍ය කරුණු කෙරෙහි අවධානය යොමු කරන බව සෞඛ්‍ය අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් පැවැසීය.