MINISTRY OF HEALTH

Sri Lanka

 

Celebrating the Occasion of Distributing 100,000 Contact Lenses 2019-03-12

 
 

සෞඛ්‍ය අමාත්‍යවරයාගේ සංකල්පයක් මත රජයේ රෝහල්වල අක්ෂි සැත්කම් සිදු කිරිම සදහා නොමිලේ අක්ෂි කාච ලබාදීමේ වැඩපිළිවෙල යටතේ අක්ෂි කාච ලක්ෂයක් ලබාදීමේ සත්කාර්යය සිහි කිරීමේ උත්සවයක් සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ ජාතික අක්ෂි රෝහලේ දී අද (11) පස්වරුවේ පැවැත්විනි.

 

2016 වසරේ දී මෙම ව්‍යාපෘතිය ආරම්භ විය. මෙහිදි අක්ෂි කාච ලක්ෂයක් ලබාදීම සිහි කිරිම සදහා සමරු පළක තිළිණ වශයෙන් ලබාදීම ද සිදු විය. මෙවැනි උදාර තීන්දුවක් ගැනීම වෙනුවෙන් සෞඛ්‍ය අමාත්‍යවරයාට හිමි සමරු තිළිණය පිරිනමනු ලැබුයේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා විසිනි. මෙහිදී ශ්‍රී ලංකා අක්ෂි ශල්‍ය විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයේ සභාපති දිල්රුවනි ආරියසිංහ මහත්මියට, කොළඹ ජාතික අක්ෂි රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ අයි.එල්.එම් රිෆාස් මහතාට හිමි සමරු තිළිණ පිරිනමනු ලැබුවේ සෞඛ්‍ය අමාත්‍යවරයා විසිනි.

 

වෛද්‍ය සැපයීම් අංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ තුසිත සුදර්ශණ මහතා විසින් සම්පාදනය කළ "අරුන්දතී" සංයුක්ත තැටිය සෞඛ්‍ය අමාත්‍යවරයාට මෙහිදී පිරිනමන ලදි.

 

මෙම අවස්ථාවට සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍ය ෆයිසාල් කාසීම්, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ, නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරුන් වන අමල්හර්ෂ ද සිල්වා, ලාල් පනාපිටිය, චම්පිකා වික්‍රමසිංහ, රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපති ආචාර්ය එම්.එච්.එම් රූමි, සාමාන්‍යාධිකාරි දිනූෂ දසනායක, වෛද්‍ය සැපයුම් අංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ තුසිත සුදර්ශණ, කොළඹ ජාතික රෝහලේ අධ්‍යක්ෂ ලක්ෂ්මි කුමාරසිංහ මහත්මිය ඇතුලු විශේෂඥ වෛද්‍යවරුන්, වෛද්‍යවරුන්, කාර්ය මණ්ඩලය, එක්ව සිටියහ.