சுகாதார அமைச்சு

ஶ்ரீ லங்கா

 

Mrs. Bhadrani Jayawardena assumed duties as the secretary of Ministry of Health and Indigenous Medical Services 2020-01-01


සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍යංශයේ නව ලේකම්වරිය ලෙස භද්‍රානි ජයවර්ධන මහත්මිය රාජකාරී කටයුතු අරඹයි.

ශ්‍රී ලංකා පරිපාලන සේවයේ විශේෂ ශ්‍රේණියේ නිලධාරිනියක වන භද්‍රානි ජයවර්ධන මහත්මිය සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශයේ නව ලේකම්වරිය ලෙස අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පසුගියදා පත්කරනු ලැබිය.

භද්‍රානි ජයවර්ධන මහත්මිය අද දින (01) පෙරවරුවේ යෙදුන සුබ මොහොතින් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් කාර්යාලයේ දී සිය ධූරයේ රාජකාරි කටයුතු ආරම්භ කරනු ලැබීය.

2008 සිට 2015 දක්වා කොළඹ නාගරික කොමසාරිස් ධුරය එම මහත්මිය විසින් හෙබ වූ අතර ශ්‍රී ලංකා පරිපාලන සේවයේ වසර 26ක කාලයක් සපුරා ඇති ඇය අනුරාධපුර ස්වර්ණපාලී බාලිකා මහා විද්‍යාලයේ ආදි ශිෂ්‍යාවකි.

භද්‍රානි ජයවර්ධන මහත්මිය වැඩ බාර ගැනීමේ අවස්ථාවට මහා සංඝරත්නය සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය සේවා, කාන්තා හා ළමා කටයුතු සහ සමාජ ආරක්ෂණ අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්ච් මහත්මිය, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා, සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විජිතා සෙනෙවිරත්න මහත්මිය, අතිරේක ලේකම් (සංවර්ධන) ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත මහතා,  අමාත්‍යාංශයේ නිලධාරින් ඇතුලු කාර්ය මණ්ඩලය එක්ව සිටියහ.

විරාජ් අබේසිංහ
(මාධ්‍ය ලේකම්)
සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය සේවා, කාන්තා හා ළමා කටයුතු සහ සමාජ ආරක්ෂණ අමාත්‍යාංශය