සෞඛ්‍ය අමාත්‍යාංශය

ශ්‍රී ලංකාව

 

“සෞභාග්‍යයේ දැක්ම” ප්‍රතිපත්ති ප්‍රකාශයේ සුව සේවාව නගාසිටුවීමට අදාල කරුණු ක්‍රියාත්මක කිරීම පිළිබදව අවධානය යොමු කෙරේ 2019-12-06

 

රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ සභාපති වෛද්‍ය අනුරුද්ධ පාදෙනිය මහතා ඇතුලු එම සංගමයේ නිලධාරින් ඊයේ (05) සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය සේවා, කාන්තා හා ළමා කටයුතු සහ සමාජ ආරක්ෂණ අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්ච් මහත්මිය සමග සිය වෘත්තීන්ට අදාල කරුණු සම්බන්ධයෙන් සාකච්ඡාවක නිරත විය. මෙම සාකච්ඡාව සෞඛ්‍ය අමාත්‍යාංශයේ අමාත්‍ය කාර්යාලයේ දී පැවැත්විනි.

 

මෙහිදී නව රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශණය වන “සෞභාග්‍යයේ දැක්ම” ප්‍රතිපත්ති ප්‍රකාශණයේ සදහන් සෞඛ්‍ය සේවාව නගා සිටුවිමට අදාල කරුණු ක්‍රියාත්මක කිරීම පිළිබදව අවධානය යොමු කරන ලදි.

 

මෙම සාකච්ඡාවේ දී වෛද්‍ය අනුරුද්ධ පාදෙනිය මහතා ඇතුලු රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය සෞඛ්‍ය ක්ෂේත්‍රයේ පවතින ගැටලු සහ ප්‍රශ්න සම්බන්ධයෙන් අමාත්‍යවරිය දැනුම්වත් කිරීමට පියවර ගන්නා ලදි. එහිදි ගත යුතු ක්ෂණික, කෙටි කාලීන හා දීර්ඝ කාලීන පියවර පිළිබද අමාත්‍යවරිය නිලධාරීන් දැනුවත් කළාය. එමෙන්ම වෛද්‍ය අධ්‍යාපනයේ ගුණාත්මකභාවය ඉදිරියටත් පවත්වාගෙන යාම සදහා විශේෂ කරුණු කිහිපයක් පිළිබදව ද මෙහිදී අවධානය යොමු කරන ලදි. අමාත්‍යවරිය එම කරුණූ ක්‍රියාත්මක කිරීමට අදාල  උපදෙස් සෞඛ්‍ය ලේකම්වරියට හා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාට ලබාදෙන ලදි. ඉහත ප්‍රධාන කරුණුවලට අමතරව වෛද්‍ය ක්ෂේත්‍රයට බලපාන තවත් කරුණු 10 ක් පිළිබදව මෙම හමුවේ දී සාකච්ඡාවට බදුන්විය.

 

මෙම සාකච්ඡා සදහා සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය සේවා අමාත්‍යාංශයේ ලේකම් පී.එම්.එස් චාල්ස් මැතිණිය, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා, රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ සභාපති වෛද්‍ය අනුරුද්ධ පාදෙනිය මහතා, අමාත්‍යාංශයේ නිලධාරින් සහ රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය නියෝජනය කරමින් නිලධාරීන් එක්ව සිටියහ.

 

විරාජ් අබේසිංහ                                                                                                                                 
(මාධ්‍ය ලේකම්)                                                                                                                          
සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය සේවා, කාන්තා හා ළමා කටයුතු සහ සමාජ ආරක්ෂණ අමාත්‍යාංශය