සෞඛ්‍ය අමාත්‍යාංශය

ශ්‍රී ලංකාව

 

ඖෂධ මාෆියාව විසින් රටට අහිමි කළ මහාචාර්ය සේනක බිබිලේ ගුණානුස්මරණ උළෙල හෙට. 2019-10-08

ප්‍රධාන කර්තෘ පුවත්පත්,
ප්‍රවෘත්ති අධ්‍යක්ෂ - රූපවාහිනී / ගුවන්විදුලි
සංස්කාරක වෙබ් පුවත්,

ඖෂධ මාෆියාව විසින් රටට අහිමි කළ මහාචාර්ය සේනක බිබිලේ ගුණානුස්මරණ උළෙල හෙට.

ඖෂධ මාෆියාව පැරදවීමට පෙරමුණගත් අද්විතීය යුගපුරුෂයාණන්ගේ 41වැනි ගුණානුස්මරණය පසුගිය සැප්තැම්බර් 29 දිනට යෙදී ඇත. ඒ වෙනුවෙන් රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව සංවිධාන කරන මහාචාර්ය සේනක බිබිලේ අනුස්මරණ දින සැමරුම හෙට (2019.10.08)  ප.ව. 3.00 ට ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය  ලෝක සෞඛ්‍ය සංවිධානයේ පලමු උප සභාපති දොස්තර රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වේ.

මෙහි විශේෂම කාරණය වන්නේ එදා සේනක බිබිලේ මහාචාර්යවරයාට ඔහු විසින් සැකසු ඖෂධ ප්‍රතිපත්තිය එලිදැක්වීමට ඖෂධ මාෆියාව විසින් ඉඩ නොතැබුවත් විවිධ තර්ඡන, ගර්ජන, බාධක බලපෑම්  මැදඔහුගේ ප්‍රධාන ශිෂ්‍යයෙකු වන සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යදොස්තර රාජිත සේනාරත්න මහතා  මහාචාර්ය සේනක බිබලේ ඖෂධ ප්‍රතිපත්තිය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සම්මත කරගනිමින්ගුරුවරයෙකුට කළ හැකි හොඳම කෘතගුණ දැක්වීම මෙන්ම සමස්ත  මහ ජනතාවට ඉටු විය යුතු සුවිශාලතම යුතුකම මේ වනවිට ඉටු කර ඇත.

ඖෂධ මාෆියාව විසින් ගිල ගනිමින් තිබූ අප රටට ඖෂධ ප්‍රතිපත්තියක්, ඖෂධ නිශ්පාදන සෑලැස්මක් හදුන්වාදීමේ ගෞරවය හිමි වන්නේ මහාචාර්ය සේනක බිබිලේ මහතා වෙතයි. ලොවම පිලිගත් ඖෂධ ප්‍රතිපත්තියක් වුවත් එය මෙරට තුල ක්‍රියාත්මක වූයේ ඔහුගේ ඇවෑමෙන් දශක තුනකටත් වඩා ඉක්ම ගිය පසුය. මෙම ඖෂධ විප්ලවය නිසා මහාචාර්ය සේනක බිබිලේ පසුපස පැමිණි ඖෂධ මාෆියාව මේ වන විට නැවත මෙරට ආක්‍රමණයට මාන බලමින් ඇත. ඒ අද වන විට මෙරට ක්‍රියාත්මක නිදහස් සෞඛ්‍ය සේවාවට අභියෝග කරමිනි. 

හෙට පැවැත්වෙන අනුස්මරණ උත්සවයේ ප්‍රධාන දේශනය, කොළඹ විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය, මහාචාර්ය ඉන්දික මහේශ් කරුණාතිලක මහතාගෙනි. අතිශය දුශ්කර ගමනක ප්‍රතිපලයක් ලෙස බිහිවූ මහාචාර්ය සේනක බිබිලේ ඖෂධ ප්‍රතිපත්තිය සහ ඒ සදහා පියමැන ආ ගමන ගැන දැනගන්න ඔබ සැමට රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපති ආචාර්ය රූමි මොහොමඩ් මහතා විසින් ඇරයුම් කරන්නෙමු.

එම්.අයි.ජේ.විජේනායක
මාධ්‍යලේකම්
සෞඛ්‍ය, පෝෂණ දේශීය වෛද්‍ය අමාත්‍යාශය

Read More >>>