සෞඛ්‍ය අමාත්‍යාංශය

ශ්‍රී ලංකාව

 

ශ්‍රී ලංකාවේ ප්‍රථම හදිසි ආපදා පෙර සුදානම් හා ප්‍රතිචාර දැක්වීමේ ඒකකය විවෘත වෙයි. 2019-04-03

 

පානදුර මූලික රෝහලේ හදිසි ආපදා පෙර සුදානම් හා ප්‍රතිචාර දැක්වීමේ ඒකකය සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යතුමාගේ පෞද්ගලික ලේකම් විශේෂඥ වෛද්‍ය සුජාතා සේනාරත්න මහත්මිය විසින් ඊයේ (02) විවෘත කරන ලදි.

 

යම් අනතුරක් සිදු වුවහොත් ඒ පිළිබද ඡායාරූප, වීඩියෝViber, WhatsApp සහ Imo මගින් 0704000044 යන දුරකථනයට යොමු කිරීමෙන් රෝහල දැනුවත් කිරිමට හැකියාව ඇති අතර රෝගියා රෝහලට රැගෙන එනවිට කඩිනමින් ප්‍රතිකාර කිරිම සදහා රෝහල සුදානමින් කර තිබේ. තව ද අනතුර සිදු වූ ස්ථානයට කඩිනමින් ගිලන් රථ යැවීමේ හැකියාව ද ඇත.

 

මෙවැනි නවීන තාක්ෂණය භාවිතා කරමින් හදිසි ආපදා පෙර සුදානම් හා ප්‍රතිචාර දැක්වීමේ ඒකකයක් සෞඛ්‍ය අමාත්‍යාංශයේ උපදෙස් මත ප්‍රථම වරට ආරම්භ කළේ පානදුර මුලික රෝහලේ වීම ද විශේෂත්වයකි.

 

මේ පිළිබද ජනතාව දැනුවත් කිරීමේ නාට්‍යයක් ද මෙහිදී ප්‍රදර්ශණය කරන ලදි. මෙම අවස්ථාවට නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් අමල් හර්ෂ ද සිල්වා මහතා, පානදුර මුලික රෝහලේ වෛද්‍ය අධිකාරි පියල් සමරවීර මහතා ඇතුලු රෝහල් කාර්ය මණ්ඩලය ද එක්ව සිටියහ.