සෞඛ්‍ය අමාත්‍යාංශය

ශ්‍රී ලංකාව

 

උතුරුමැද පළාත් ආයුර්වේද මහ රෝහලට ගෙවන වාට්ටු සංකීර්ණයක්. 2019-03-21

උතුරුමැද පළාත් ආයුර්වේද මහ රෝහලට ගෙවන වාට්ටු සංකීර්ණයක්.

 

අනුරාධපුර පළාත් ආයුර්වේද මහ රෝහලේ ඉදිකරන ලද ගෙවන වාට්ටු සංකීර්ණය සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් අද (20) දහවල් විවෘත කෙරිනි. සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශයේ රුපියල් මිලියන 32 ක මුදලක් වැය කරමින් මෙම ගෙවන වාට්ටු සංකීර්ණය ඉදිකර ඇත. උතුරුමැද පළාත් සභාවේ රුපියල් කෝටියක මුදලක් වැය කරමින් නවීකරණය කරන ලද වාට්ටු 02 ක් ද මෙහිදී විවෘත විය. මෙහිදී රජරට පාරම්පරික වෛද්‍යවරුන් ඇගයීමේ උත්සවයක් ද පැවැති අතර, එහිදී වෛද්‍යවරුන් 350 කට උපකරණ පිරිනැමීම ද සිදු විය.

 

මෙහිදී උත්සව සභාව ඇමැතූ සෞඛ්‍ය අමාත්‍යවරයා මෙසේ පැවැසීය.

 

බටහිර මෙන්ම ආයුර්වේද වෛද්‍ය ක්ෂේත්‍රය ද අපි දියුණූ කරනවා. උපාධිධාරී ආයුර්වේද වෛද්‍යවරුන්ට පත්වීම් ලබාදීම සදහා කැබිනට් අනුමැතිය හිමි වූ අතර, පළමු අදියරේ දී වෛද්‍යවරුන් 634 කට පත්වීම් ලබාදුන්නා. සෙසු උපාධිධාරි ආයුර්වේද වෛද්‍යවරුන්ටත් පත්වීම් ලබාදිය යුතුයි.

 

මෙම අවස්ථාවට අමාත්‍යවරුන් වන චන්ද්‍රාණි බණ්ඩාර, පී. හැරිසන්, පර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන චන්දිම ගමගේ, ඉෂාක් රහුමාන්, සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් වසන්තා පෙරේරා යන මහත්ම මහත්මීන් සහ උතුරු මැද පළාත් සභාවේ නිලධාරීන්, උතුරුමැද ආයුර්වේද දෙපාර්තමේන්තුවේ නිලධාරින් ඇතුලු විශාල පිරිසක් එක්ව සිටියහ.