සෞඛ්‍ය අමාත්‍යාංශය

ශ්‍රී ලංකාව

 

10 වැනි වරටත් සංවිධානය කරන “මෙඩිකෙයා 2019 ජාතික සුවසේවා ප්‍රදර්ශණය” කොළඹ බණ්ඩාරනායන අනුස්මරණ සම්මන්ත්‍රණශාලා පරිශ්‍රයේ පිහිටි සිරිමාවෝ බණ්ඩාරනායක ප්‍රදර්ශණ ශාලාවේ දී.. 2019-03-05

  
  

10 වැනි වරටත් සංවිධානය කරන “මෙඩිකෙයා 2019 ජාතික සුවසේවා ප්‍රදර්ශණය” කොළඹ බණ්ඩාරනායන අනුස්මරණ සම්මන්ත්‍රණශාලා පරිශ්‍රයේ පිහිටි සිරිමාවෝ බණ්ඩාරනායක ප්‍රදර්ශණ ශාලාවේ දී සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා විසින් අද (01) පෙරවරුවේ විවෘත කරන ලදි. මෙම ප්‍රදර්ශණය තෙදිනක් පුරා පැවැත්වෙන අතර, ජාත්‍යන්තර හා දේශීය වෛද්‍ය කුටි 220 කින් සමන්විත වෙයි.

 

මෙම අවස්ථාවට සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍ය ෆයිසාල් කාසීම්, ඉන්දියාවේ ශ්‍රී ලංකා මහකොමසාරිස් අර්ජුන් සිං සිදූ, ලෝක සෞඛ්‍ය සංවිධානයේ ශ්‍රී ලංකා නේවාසික නියෝජිත රාසියා ෆෙන්සේ, සෞඛ්‍ය අමාත්‍යාංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් අමල් හර්ෂ ද සිල්වා, රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපති ආචාර්ය එම්.එච්.එම් රූම්, මහතා ඇතුලු විශාල පිරිසක් එක්ව සිටියහ.