සෞඛ්‍ය අමාත්‍යාංශය

ශ්‍රී ලංකාව

 

ලෝක සෞඛ්‍ය සංවිධානයේ 144 වන විධායක මණ්ඩල රැස්වීමට සහභාගිවීම සදහා සුව ඇමැති ජිනීවා නුවරට. 2019-01-23

ලෝක සෞඛ්‍ය සංවිධානයේ 144 වන විධායක මණ්ඩල රැස්වීමට සහභාගිවීම සදහා සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය සහ ලෝක සෞඛ්‍ය සංවිධානයේ උප සභාපති දොස්තර රාජිත සේනාරත්න මහතා ස්විස්ටර්ලන්තයේ ජිනීවා නුවර බලා ඊයේ (21) රාත්‍රියේ පිටත්ව ගියේය.
විධායක මණ්ඩල රැස්වීම ලබන 24 වන දා ආරම්භ වන අතර, පෙබරවාරි මස 01 දා එය අවසන්වීමට නියමිතය. ලෝක සෞඛ්‍ය සංවිධානයේ විධායක මණ්ඩලය සෑම වසරකම අවස්ථා 02 ක දී රැස්වන අතර එහි ප්‍රධාන වන්නේ ජනවාරි මාසයේ පැවැත්වෙන රැස්විමයි. එහිදී එම වසරේ ක්‍රියාත්මක කළ යතු සෞඛ්‍ය ක්‍රියාමාර්ග සහ ප්‍රතිපත්ති සාකච්ඡාවට ගන්නා අතර, ලෝක සෞඛ්‍ය සංවිධානයේ වාර්ෂික සැසිවාරයට එම යෝජනා ඉදිරිපත් කිරිමට නියමිතය. සැමට විශ්වීය සෞඛ්‍ය ආරක්ෂාව ලබාදීම ලෝක සෞඛ්‍ය සංවිධානයේ අරමුණයි.
මෙවර පැවැත්වෙන විධායක මණ්ඩල රැස්වීමේ දී ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ ඉදිරි ක්‍රියාමාර්ග පිළිබදව සෞඛ්‍ය අමාත්‍යවරයා ලෝක සෞඛ්‍ය සංවිධානය දැනුවත් කිරීමට නියමිතය.
සියල්ල කියවන්න ››