සෞඛ්‍ය අමාත්‍යාංශය

ශ්‍රී ලංකාව

 

රුපියල් මිලියන 2500 ක් වටිනා නවීන ගිලන් රථ 132 ක් සුව සේවාවට 2019-01-16


රුපියල් මිලියන 2500 ක් වටිනා නවීන ගිලන් රථ 132 ක් සුව සේවාවට.

දිවයින පුරා පිහිටි රෝහල් 132 කට අවශ්‍ය ගිලන් රථ 132 ක් බෙදාදීමේ උත්සවය සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් 2019.01.18 දින පස්වරු 2.00 ට කොළඹ මහ නගර සභා භූමියේ දී සිදු කිරීමට කටයුතු යොදා ඇත.

එංගලන්තයේ “ෆොර්ඩ්” සමාගම නිෂ්පාදනය කරන ලද මෙම ගිලන් රථ 132 සදහා වැය කරන මුදල රුපියල් මිලියන 2500 කි. මෙවැනි ගිලන් රථ 250 ක් රෝහල් වලට බෙදාදීමට සෞඛ්‍ය අමාත්‍යවරයා පියවර ගෙන ඇත. තව ද ජර්මනියේ බෙන්ස් සමාගම විසින් නිෂ්පාදනය කරන ලද ගිලන් රථ 100 ක් ද, දිවයින පුරා රෝහල්වලට බෙදාදීමට පියවර ගෙන තිබේ. දැනට බෙන්ස් වර්ගයේ ගිලන් රථ 40 ක් රෝහල්වලට බෙදා දී ඇත. මෙවර බෙදාදීමට නියමිත ෆොර්ඩි වර්ගයේ ගිලන් රථ පළාත් සභා රෝහල් 103 කට ද, මධ්‍යම රජයේ රෝහල් 27 කට ද ආයුර්වේද දෙපාර්තමේන්තු රෝහල් 02 කට ද ලබා දෙයි.

ස්තූතීයි.                          

මෙයට,
විශ්වාසී

ප්‍රසන්න අධිකාරි
අධ්‍යක්‍ෂ (මාධ්‍ය)