සෞඛ්‍ය අමාත්‍යාංශය

ශ්‍රී ලංකාව

 

කොළඹ ජාතික රෝහලට නව නියෝජ්‍ය අධ්‍යක්‍ෂ ජනරාල්වරයෙක් 2019-01-09


කොළඹ ජාතික රෝහලට නව නියෝජ්‍ය අධ්‍යක්‍ෂ ජනරාල්වරයෙක්



කොළඹ ජාතික රෝහලේ නව නියෝජ්‍ය අධ්‍යක්‍ෂ ජනරාල්වරයා ලෙස කුමාර වික්‍රමසිංහ මහතා සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය විසින් පත් කර ඇත. නව නියෝජ්‍ය අධ්‍යක්‍ෂ ජනරාල්වරයා කොළඹ ජාතික රෝහලේ දී අද (09) සිය රාජකාරී කටයුතු ආරම්භ කරන ලදී.

මෙම රෝහලේ අධ්‍යක්‍ෂවරයෙකු නොමැතිකමින් පරිපාලන සේවා බිද වැටී ඇති බවට මාධ්‍ය මගින් පසුගිය දා කරුණු අනාවරණය කර තිබුනි. නමුත් එම රෝහලේ වැඩ බලන අධ්‍යක්‍ෂවරයා ලෙස වෛද්‍ය කුමාර වික්‍රමසිංහ මහතාම සේවය කරමින් සිටියේ ය.

මෙම අවස්ථාවට සෞඛය අමාත්‍යාංශයේ ලේකම් වසන්තා පෙරේරා මහත්මිය, සෞඛ්‍ය අමාත්‍යතුමාගේ පෞද්ගලික ලේකම් විශේෂඥ වෛද්‍ය සුජාතා සේනාරත්න මහත්මිය, සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා ඇතුළු සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීන් එක්ව සිටියහ.

මෙයට අදාල ඡායාරූප මේ සමග ඔබගේ විද්‍යුත් ලිපිනයට යොමුකර ඇත.

මෙම පුවත සදහා ඔබ මාධ්‍ය මගින් පුළුල් ප්‍රචාරයක් ලබා දෙන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි.

ඔබ ලබා දෙන සහයෝගයට බෙහෙවින් කෘතඥ වෙමි.

ස්තූතියි.                                  
මෙයට,
විශ්වාසී

ප්‍රසන්න අධිකාරි
අධ්‍යක්‍ෂ(මාධ්‍ය)