සෞඛ්‍ය අමාත්‍යාංශය

ශ්‍රී ලංකාව

 

සෞඛ්‍ය අමාත්‍යාංශය යටතේ ඇති ආයතන 03 කට සභාපතිවරුන් පත් කෙරේ 2019-01-07

 
සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය යටතේ ඇති ආයතන 03 කට සභාපතිවරුන් පත් කිරිම සෞඛ්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් අද (03)  සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී සිදු කෙරිනි.
 
රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපතිවරයා ලෙස අචාර්ය එච්.එම්.එම් රූමි මහතා තම පත්වීම් ලිපිය සෞඛ්‍ය අමාත්‍යවරයා අතින් ලබාගන්නා ලදි. ඔහු මීට පෙර රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ කළමණාකාර අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කර ඇත. එම සංස්ථාවේ නව කළමණාකාර අධ්‍යක්ෂවරයා ලෙස මහරගම අපේක්ෂා රෝහලේ හිටපු අධ්‍යක්ෂ වෛද්‍ය විල්ප්‍රඩ් කුමාරසිරි මහතා පත් කර ඇත. ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සභාපතිවරයා ලෙස මහාචාර්ය අසිත ද සිල්වා මහතා සෞඛ්‍ය අමාත්‍යවරයා අතින් පත්වීම් ලබාගන්නා ලදි. ඔහු මීට පෙර ද එම අධිකාරියේ සභාපතිවරයා ලෙස කටයුතු කරන ලදි. දුම්කොළ හා මධ්‍යසාර පිළිබද ජාතික අධිකාරියේ සභාපතිවරයා ලෙස වෛද්‍ය පාලිත අබේකෝන් මහතා පත් කෙරුනි. ඔහුද මීට පෙර එම අධිකාරියේ සභාපතිවරයා ලෙස කටයුතු කර ඇත. සෞඛ්‍ය අමාත්‍යාංශයේ ව්‍යාපෘති අධීක්ෂණ අංශයේ අධ්‍යක්ෂ ජනරාල් ලෙස අචාර්ය කුමාර ද සිල්වා මහතා පත් කෙරුනි.
 
ස්තූතියි.                                   
 
මෙයට,
විශ්වාසී
 
ප්‍රසන්න අධිකාරි
අධ්‍යක්‍ෂ (මාධ්‍ය)
 
රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපතිවරයා  ආචාර්ය එච්.එම්.එම් රෑමි


 
රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ  කළමාණාකාර වෛද්‍ය විල්ෆරඩ් කුමාරසිරි මහතා


 
ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සභාපති මහාචාර්ය අසිත ද සිල්වා මහතා
 
දුම්කොළ හා මධ්‍යසාර පිළිබද ජාතික අධිකාරියේ සභාපති වෛද්‍ය පාලිත අකෛාන් මහතා