සෞඛ්‍ය අමාත්‍යාංශය

ශ්‍රී ලංකාව

 

හොරණ බැල්ලපිටිය ප්‍රදේශයේ ඉදිකරන ඖෂධ නිෂ්පාදන කර්මාන්ත ශාලාව සුව ඇමැතිගේ නිරික්ෂණයට 2018-07-09

හොරණ බැල්ලපිටිය ප්‍රදේශයේ ඉදිකරන ඖෂධ නිෂ්පාදන කර්මාන්ත ශාලාව සුව ඇමැතිගේ නිරික්ෂණයට.

ACE Health Care Formulation Company විසින් හොරණ බැල්ලපිටිය ප්‍රදේශයේ ඉදිකරන ඖෂධ නිෂ්පාදන කර්මාන්ත ශාලාව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ නිරික්ෂණයට ඊයේ (07) ලක් විය.


රුපියල් බිලියන 1.5 ක ආයෝජනයක් වන මෙම කර්මාන්ත ශාලාව 2018 වසර අවසානයේ විවෘත කිරීමට නියමිතය. එමගින් රැකියා 300 ක් බිහිවෙයි. මහාචාර්ය සේනක බිබිලේ ප්‍රතිපත්තියට අනුව ශ්‍රි ලංකාවට අවශ්‍ය ඖෂධ මෙරටදීම නිෂ්පාදනය කිරීමේ වැඩපිළිවෙලට අනුව සෞඛ්‍ය අමාත්‍යාංශය,රාජ්‍ය ඖෂධ නිෂ්පාදන නීතිගත සංස්ථාව, ඖෂධ නිෂ්පාදන සමාගම් 48 ක් සමග ගිවිසුම් අත්සන් කර ඇත. ඒ අනුව මේ වන විට මහනුවර දිගන සහ හොරණ ප්‍රදේශයේ ඖෂධ නිෂ්පාදන සමාගම් 02 ක් විවෘත කර තිබේ. සෞඛ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කරන්නේ ශ්‍රි ලංකාවට අවශ්‍ය ඖෂධ වසර 2020 වන විට මෙරටදීම නිෂ්පාදනය කිරීමට පියවර ගන්නා බවත්, එමගින් විදේශීය රටවලට ඇදී යන මුදල් නතර කිරිමට පියවර ගන්නා බවත්ය.