සෞඛ්‍ය අමාත්‍යාංශය

ශ්‍රී ලංකාව

 

ඉංගිරිය නගර මධ්‍යයේ ඉදි කළ පෝෂණ මන්දිරය සුව ඇමැති අතින් විවෘත වේ. 2018-06-22


ආයුර්වේද දෙපාර්තමේන්තුව සහ ඉංගිරිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ඉංගිරිය නගර මධ්‍යයේ ඉදි කළ පෝෂණ මන්දිරය සෞඛ්‍ය, පෝෂණ හා දේශිය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (21) පෙරවරුවේ විවෘත විය.


මෙහිදී අදහස් දැක් වූ සෞඛ්‍ය අමාත්‍යවරයා - “ජනතාවගේ සෞඛ්‍ය ආරක්ෂා කළ යුතුයි. බෝනොවන රෝග අවම කිරිම සදහා පියවර රැසක් ගෙන තිබෙනවා. දුම්වැටි පාලනය, සිනි, මේදය සහ ලුණු අඩංගු ආහාර භාවිතයෙන් ජනතාව වළක්වා ගැනීම වැනි ක්‍රියාමාර්ග මේ වන විට ගෙන තිබෙනවා. නිවැරදි ආහාර වේලකට ජනතාව හුරු කරවිය යුතුයි. ජනතාව රෝග වලට ගොදුරුවීමට ප්‍රථම ආරක්ෂා කළ යුතුයි. එම නිසා දේශීය ආහාර වර්ග භාවිත කිරීම ඉතා වැදගත් වෙනවා. දරුවන්ට දේශීය ආහාර වර්ග භාවිත කිරිමට පුරුදු කළ යුතුයි. වර්තමානයේ දරුවන් බහුතරය ආහාරයට ගන්නේ ක්ෂණික ආහාරයි. ඉදිරියේ දී ඇතැම් විට බත් ටිකත් ක්ෂණිකව ලැබෙන්න පුලුවන්. ඒවායේ තිබෙන්නේ රසකාරක විතරයි. පෝෂණ මන්දිර ස්ථාපිත කරමින් ජනතාවට හොද ආහාර වේලක් භුක්ති විදිමට අවස්ථාව හිමි කර දිය යුතුයි.”