සෞඛ්‍ය අමාත්‍යාංශය

ශ්‍රී ලංකාව

 

හොරණ වරකාගොඩ මාතෘ හා ළමා සෞඛ්‍ය සායන ගොඩනැගිල්ල පසුගියදා සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් විවෘත කෙරිනි 2018-06-11


හොරණ වරකාගොඩ මාතෘ හා ළමා සෞඛ්‍ය සායන ගොඩනැගිල්ල පසුගියදා සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් විවෘත කෙරිනි.  


මේ සදහා රජය විසින් රුපියල් මිලියන දහයක මුදලක් වැය කරන ලද අතර, මෙම මාතෘ හා ළමා සෞඛ්‍ය මධ්‍යස්ථානය මගින් ප්‍රදේශයේ පවුල් 3500 කට සෞඛ්‍ය පහසුකම් සැලසේ.


අපි රටේ ප්‍රධාන විශාල රෝහල් ගොඩනගනවා වගේම ප්‍රාථමික සෞඛ්‍ය සේවාව දියුණු කිරිමට රජය කටයුතු කරනවා. මොකද අද මුළු ලෝකම හොද ප්‍රාථමික සෞඛ්‍ය සේවාව සේවාවක් අප රට තුල ඇති බව පිළිගන්නවා. අපේ රට ප්‍රසංශාවට ලක්වීමට එය එක් හේතුවක්. අනෙක් එක අපේ රටේ නිදහස් සෞඛ්‍ය සේවාව. ඒ දෙක තමයි මෙවර ලෝක සෞඛ්‍ය සම්මේලනයේ ප්‍රධාන මාතෘකාව වුනෙත්. මේ දෙකෙන්ම අපි ඉතාමත් ඉදිරියෙන් ඉන්නවා. ප්‍රතිශක්තිකරණය ගත්තොත් අපි තමයි ලෝකයේ අංක 01 ඉන්නේ. අපිට වඩා පහලින් ඇමරිකාව ඉන්නේ. අපේ රටේ සියයට 99.9 ප්‍රතිශක්තිකරණය අති සාර්ථකයි. ඇමරිකාව සියයට 99.2 ක් ලබාගෙන අපිට පහළින් ඉන්නවා. ඒ වගේම මෙවර යුනිසෙෆ් වාර්තාව දක්වන්නේ අපේ රටේ ළමා මරණ සංඛ්‍යාව, මාතෘ මරණ සංඛ්‍යාව ගත්තොත් කොච්චර අඩු ද කිවුවොත් අපි ඇමරිකාව, කුවේටය කියන ලෝකයේ ධනපතිම රටවල් දෙකත් සමග එක මට්ටමක අපි ඉන්නවා. ඒ තත්ත්වයට අද මේ රටේ ප්‍රාථමික සෞඛ්‍ය සේවාව ගොඩනැගිලා තිබෙනවා.


එක පිළිකා එන්නතක මිල තිබුනේ දෙලක්ෂ අසූදාහයි. එයින් 05 ක් ගැහුවාම 06 වෙනි එකට මුදල් නැහැ. එම නිසා ආණ්ඩුව කිවුවේ 05 යි. බෝනස් 01. ඕක තමයි සීමාව. පිළිකා රෝගියෙකුට අවශ්‍ය ඖෂධ ටික දෙන්න බැරි නම් මොකක්ද නිදහස් සෞඛ්‍ය සේවාව කියන්නේ. අද අපි රෝගියා මිය යනතුරුම වියදම් කරනවා. අද සිමාවල් නැහැ. එදා මිනිස්න්ගේ ජිවිත ගැන කථා කළේ, වටිනාකම කිවුවේ රුපියල් සත වලින්.


සමහරු කියනවා සයිටම් බෝඩ් එකක් දාගෙන අපේ රජය සෞඛ්‍ය පෞද්ගලීකරනය කරනවා කියලා. එහෙම කියලා හවස 04 ක් පස්සේ ක්ලිනික් එකට ගියාම පෞද්ගීකරණය කරනවා කොහොමත්. අපි නෙවෙයි පෞද්ගලීකරණය කරන්නේ ඒගොල්ලෝ. නමුත් අපි මේ තරම් විශාල මුදලක් වියදම් කරනවා.


මෙම අවස්ථාවට බස්නාහිර පලාත් සභා මන්ත්‍රීවරුන් වන කිත්සිරි කහටපිටිය සහ කීර්ති කාරියවසම් යන මහත්වරුන්ද බස්නාහිර පලාත් සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යංශයේ ලේකම් එච්.ජී.ජේ ධර්මසේන , මදුරාවල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි එරන්දි කුලරත්න , මදුරාවල ප්‍රාදේශීය ලේකම් දිස්නා ජයසිංහ , හොරණ රොහලේ දිස්ත්‍රික් වෛද්‍ය නිලධාරි තමර කලුබෝවිල යන මහත්ම මහත්මීන් ඇතුලුව ප්‍රදේශවාසින් විශාල පිරිසක්ද එක්වූහ.




නිපුන් ඒකනායක,


ගරු සෞඛ්‍ය, පෝෂණ හා දේශිය වෛද්‍ය අමාත්‍යතුමාගේ මාධ්‍ය ලේකම්,