සෞඛ්‍ය අමාත්‍යාංශය

ශ්‍රී ලංකාව

 

ක්ෂය රෝගය තුරන් කිරීමේ ලෝක සෞඛ්‍ය සංවිධානයේ සමුළුව ඇරඹෙයි. 2018-03-13

ලෝක සෞඛ්‍ය සංවිධානයේ දකුණු සහ නැගෙනහිර ආසියානු රටවල ක්ෂය රෝගය තුරන් කිරිම සදහා වන ඉහළ පෙළේ නායකත්ව සමුළුව ඉන්දියාවේ නවදිල්ලි නුවර දී අද (13) ආරම්භ විය.
 
ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ ප්‍රධානත්වයෙන් සමුළුව ආරම්භ වූ අතර, මෙම අවස්ථාවට සෞඛ්‍ය, පෝෂණ හා දේශිය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා ද එක්ව සිටියේය.
   
මෙම සමුළුවේදී ක්ෂය රෝගය තුරන් කිරීම සදහා කළාපීය වශයෙන් ප්‍රතිඵලදායක විසදුමක් ක්‍රියාත්මක කිරීම කෙරෙහි සමුළු නියෝජිතයින්ගේ අවධානය යොමු කිරිමට නියමිතය.
  
ශ්‍රී ලංකාවේ ක්ෂය රෝගය තුරන් කිරීම සදහා ගෙන ඇති ක්‍රියාමාර්ග පිළිබදව සෞඛ්‍ය අමාත්‍යවරයා මෙහිදී විශේෂ දේශණයක් පැවැත්වීමට නියමිතය. සමුළුව ආරම්භවීමෙන් පසු ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා සමග සමුළු නියෝජිතයින් සමූහ ඡායාරූපයකට මුහුණ දුන් අයුරු ඡායාරූපයේ දැක්වෙයි.
 
ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය Tedros මහතා, එම සංවිධානයේ දකුණු හා නැගෙනහිර ආසියානු රටවල අධ්‍යක්ෂිකා වෛද්‍ය පූනම් චෙත්‍රපාල් සිං මහත්මිය ඇතුලු පිරිසක් ඡායාරූපයේ දැක්වෙයි.