විවිධ හේතු මත “ත්‍රීපෝෂ” නිෂ්පාදන ක්‍රියාවලිය නතර වුවහොත් දරුවන්ගේ සහ ගැබිණි සහ කිරිදෙන මව්වරුන්ගේ පෝෂණය මන්දගාමී වන බව සෞඛ්‍ය අමාත්‍යවරයා අවධාරණය කර සිටියි. දේශපාලන අර්බුදය පැවැති දින 53 තුල ඖෂධ නිසි පරිදි රෝහල් වලට ලබානොදීම හේතුවෙන් ඖෂධ හිඟයක් රට තුල නිර්මාණය වූ බව සෞඛ්‍ය අමාත්‍යවරයා පෙන්වා දෙයි.
සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශයේ හිටපු ලේකම් බී.ජී.එස් ගුණතිලක මහත්මිය “ත්‍රීපෝෂ” සමාගමේ නව සභාපතිනිය ලෙස රාජකාරී කටයුතු ආරම්භ කළ අවස්ථාවට අද (07) එක්වෙමින් සෞඛ්‍ය අමාත්‍යවරයා මේ බව පැවැසීය. උත්සවය “ත්‍රීපෝෂ” සමාගමේ ජා-ඇල ප්‍රධාන කාර්යාලයේ දී පැවැත්විනි.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ සෞඛ්‍ය අමාත්‍යවරයා - “නව සභාපතිනිය ප්‍රාදේශීය ලේකම්වරියක්, අතිරේක ලේකම්වරියක් සහ අමාත්‍යාංශ ලේකම්වරියක් මෙන්ම තවත් රාජ්‍ය ආයතන රැසක තනතුරු හොඹවා තිබෙනවා. “ත්‍රීපෝෂ” ආයතනය පසුගිය කාලයේ නව ආයෝජනයක් ලෙස “සුපෝෂ” වෙළෙඳපොලට හදුන්වා දුන්නා. දේශීය තරඟකාරී වෙළෙඳපොල තරණය කිරීමට “සුපෝෂ” නිෂ්පාදනයට හැකි වුනා. දින 53 ක් පුරා පැවැති දේශපාලනය අර්බුදය හේතුවෙන් සෞඛ්‍ය ක්ෂේත්රයට වසර 02 ක පමණ පාඩුවක් සිදුව තිබෙනවා. රෝහල්වල ඇති වූ ඖෂධ හිඟය ඉන් ප්‍රධානයි. දැනට ඖෂධ වර්ග 200 ක පමණ හිඟයක් තිබෙනවා. එම හිඟ ඖෂධ කඩිනමින් ආනයනය කර හිඟය අවසන් කිරීමට මම පියවර ගෙන තිබෙනවා. නව සභාපතිතුමිය සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්ධූරය හොඹවන කාලයේ කාන්තාවක් වුවත් දැඩි තීන්දු තීරණ ගනිමින් පරිපාලන කටයුතු සිදු කරනු ලැබුවා.”
මෙම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රී චතුර සේනාරත්න, සෞඛ්‍ය අමාත්‍යතුමාගේ පෞද්ගලික ලේකම් විශේෂඥ වෛද්‍ය සුජාතා සේනාරත්න, සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් (සංවර්ධන) ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත, රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපති ආචාර්ය එච්.එම්.එම් රූමි මහතා ඇතුලු පිරිසක් එක්ව සිටියහ.
මෙයට අදාල ඡයාරුප ඔබගේ විද්‍යුත් ලිපිනයට යොමුකර ඇත
මෙම පුවත සදහා ඔබ මාධ්‍ය මගින් පුළුල් ප්‍රචාරයක් ලබා දෙන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි.
ඔබ ලබා දෙන සහයෝගයට බෙහෙවින් කෘතඥ වෙමි.
ස්තූතියි.
මෙයට,
විශ්වාසී
ප්‍රසන්න අධිකාරි
අධ්යක්ෂ (මාධ්‍ය)