සෞඛ්‍ය අමාත්‍යාංශය

ශ්‍රී ලංකාව

 

ඩෙංගු පර්යේෂණ ග්‍රන්ථ 15 ක් සුව ඇමැතිට 2018-10-09

මහනුවර මහා රෝහලේ වෛද්‍ය එස්. රත්නසිරි බණ්ඩාර මහතා විසින් රචිත ඩෙංගු පර්යේෂණ ග්‍රන්ථ 15 ක් සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනරත්න මහතාට පිරිනැමීම නුවරඑළිය මහ රෝහලේ දී පසුගියදා සිදු විය.

මෙම ග්‍රන්ථ 15 සිංහල සහ ඉංග්‍රීසි භාෂාවෙන් රචනා කර ඇත. වෛද්‍ය එස්. රත්නසිරි බණ්ඩාර මහතා තායිලන්තයේ දී ඩෙංගු රෝගය කළමණාකරණය පිළිබද විශේෂ පුහුණුවක් ද ලබා ඇත.

ඉදිරි වසර කිහිපය තුල දී රටවල් 125 ක පුද්ගලයින් දෙලක්ෂ පනස්දහසක් ඩෙංගු රක්තපාත රෝගයෙන් මිය යන බවට ඇස්තමේන්තු කර ඇති බව වෛද්‍ය එස්. රත්නසිරි බණ්ඩාර මහතා මෙහිදී පැවැසීය. ඒ පිළිබදව ලෝක සෞඛ්‍ය සංවිධානය දැනුවත් කරන ලෙස ද, පර්යේෂණවලින් හදුන්වා දී ඇති ඖෂධ හදුන්වාදීමෙන් මරණ සංඛ්‍යාව අවම කර ගත හැකි බව ද වෛද්‍ය එස්. රත්නසිරි බණ්ඩාර මහතා ප්‍රකාශ කරයි.

නිපුන් ඒකනායක,

ගරු සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යතුමාගේ මාධ්‍ය ලේකම්