සෞඛ්‍ය අමාත්‍යාංශය

ශ්‍රී ලංකාව

 

ඒඩ්ස් රෝගය පැතිරයාම පාලනය කර ලෝක සෞඛ්‍ය සංවිධානයේ සහතිකය සෞඛ්‍ය අමාත්‍යාංශයට ලබාගැනීමට හැකියාව ඇති බව සුව ඇමැති පවසයි. 2018-07-17

ජාතික  ලිංගාශ්‍රිත රෝග මර්දන ඒකකයේ 2017 වාර්ෂික වාර්තාව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාට පිළිගැන්වීම සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී පසුගියදා සිදු කෙරිනි.

මෙහිදී එච්.අයි.වී ඒඩ්ස් පැතිරයාම පාලනය කිරිම සදහා ගත හැකි ක්‍රියාමාර්ග පිළිබද දිර්ඝ ලෙස සාකච්ඡා කළ අතර වෙරළ කළාපයේ සංචාරක හෝටල්, සංචාරක මගපෙන්වන්නන්, දැනුවත් කිරීමේ වැඩපිළිවෙළක් දියත් කිරීමට ද තීරණය කරන ලදි. ජාතික ලිංගාශ්‍රිත රෝග මර්දන සෞඛ්‍ය සායන 33 ක් දිවයින පුරා පිහිටා ඇත. තවත් සෞඛ්‍ය සායන 10 ක් ස්ථාපිත කිරීමට මෙහිදී තීරණය විය. ඒ අවිස්සාවෙල්ල, හෝමාගම, පානදුර, ගම්පහ, කුලියාපිටිය, ගල්ගමුව, පුත්තලම, දඹුල්ල, තංගල්ල සහ මහියංගණය යන ප්‍රදේශවලයි.

දකුණූ ආසියාවේ අනෙක් රටවල් හා සැසදීමේ දී ශ්‍රී ලංකාවේ එච්.අයි.වී ඒඩ්ස් රෝගීන් ඉතා අවම මට්ටමින් පවතින බව 2017 වාර්ෂික වාර්තාවේ සදහන් වෙයි. ඉතා කඩිනමින් මෙම රෝගය පැතිරයාම පාලනය කිරීමට පියවර ගනිමින් ලෝක සෞඛ්‍ය සංවිධානයේ සහතිකය සෞඛ්‍ය අමාත්‍යාංශයට ලබාගැනීමට හැකියාව ඇති බව සෞඛ්‍ය අමාත්‍යවරයා මෙහිදී පැවැසීය.

මෙම අවස්ථාවට නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් සරත් අමුණූගම, ජාතික ලිංගාශ්‍රිත රෝග මර්දන ඒකකයේ නිලධාරීන් එක්ව සිටියහ.

නිපුන් ඒකනායක,

ගරු සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යතුමාගේ මාධ්‍ය ලේකම්