අත්තනගල්ල අරහන්ත රාජමහා විහාරාධිපති ආචාර්ය පන්නිල ශ්‍රී ආනන්ද නාහිමියන් විසින් රුපියල් කෝටි 02 ක් පමණ වටිනා වෛද්‍ය උපකරණ තොගයක් වතුපිටිවල මුලික රෝහලට පරිත්‍යාග කිරීම සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් ඒම රෝහලේ දී ඊයේ (22) පෙරවරුවේ පැවැත්විනි.
මෙහිදී 2 D Eco යන්ත්‍රයක්, ECG යන්ත්‍රයක්, Scanner යන්ත්‍රයක්, දැඩි සත්කාර ඒකකයට විශේෂ ඇදන් පරිත්‍යාග කිරීම මෙන්ම රුධිර කාන්දුපෙරණ ඒකකය විවෘත කිරීම ඇතුලු විවෘත කිරීම් රැසක් සිදු කෙරිනි.
මෙහිදී අදහස් දැක් වූ සෞඛ්‍ය අමාත්‍යවරයා - “මම රෝහල්වලට පැමිණෙන්නේ රජයෙන් ලබාදෙන සංවර්ධන ව්‍යාපෘති විවෘත කිරීමටයි. නමුත් අද දින වතුපිටිවල රෝහලට පැමිණියේ පන්නිල ආනන්ද හිමියන්ගේ ධන පරිත්‍යාගයෙන් ඉදි කළ ව්‍යාපෘති විවෘත කිරීමටයි. මෙම හිමියන් පසුගිය කාලයේ දී රුපියල් මිලියන 500 ක් පමණ වැය කරමින් මෙම රෝහලේ සංවර්ධන ව්‍යාපෘති රැසක් සිදු කර තිබෙනවා. පිනට දහමට කරන වැඩ වුනත් එහි වටිනාකම ප්‍රකාශයට පත් කළ යුතුයි. නැතිනම් ජනතාවට වැදගත්කමක් නැහැ. භාවිත කරනවා විතරයි.”
“මෙම රෝහලට ඔබේසේකර පරපුර අක්කර 26 ක ඉඩම් ලබාදුන්නා. ඉන් පසු අනුර බණ්ඩාරනායක මහතා රුපියල් ලක්ෂ 960 ක් වැය කරමින් ලේ බැංකුවක් හදා දුන්නා. ඉන් පසු වැඩිම ධනයක් මෙම රෝහල වෙනුවෙන් වියදම් කර තිබෙන්නේ පන්නිල ආනන්ද හිමියන්. ඔබේසේකර පරපුර රෝහල සදහා ඉඩම් ලබාදීම අගය කළ යුතුයි. මොකද අද ඉඩම් වලට ගහ මරා ගන්නවා. මෙම පරිත්‍යාගය කර තිබෙන්නේ පරම්පරාවෙන් ලැබුන ඉඩම් වලින්. මෙම රෝහලට සීටි ස්කැනර් යන්ත්‍රයක් ඉදිරියේ දී ලබාදීමට පියවර ගන්නවා.”
නිපුන් ඒකනායක,
ගරු සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යතුමාගේ මාධ්‍ය ලේකම්,
385, සුවසිරිපාය,
පුජ්‍ය බද්දේගම විමලවංශ හිමි මාවත,
කොළඹ 10, ශ්‍රී ලංකාව.
දුරකථන (පොදු):
(+94)112 694033, (+94)112 675011,
(+94)112 675449, (+94)112 693493
සියලු හිමිකම් ඇවිරිණි. @ සෞඛ්‍ය අමාත්‍යාංශය
යාවත්කාලීනය 0000-00-00