සෞඛ්‍ය අමාත්‍යාංශය

ශ්‍රී ලංකාව

 

ලෝක සෞඛ්‍ය සංවිධානයේ 71 වන වාර්ෂික සැසිවාරයට සමගාමිව මැලේරියා රෝගය මර්දනය කිරීම පිළිබදව විශේෂ සැසිවාරයක් 2018-05-25



ලෝක සෞඛ්‍ය සංවිධානයේ 71 වන වාර්ෂික සැසිවාරයට සමගාමිව මැලේරියා රෝගය මර්දනය කිරීම පිළිබදව විශේෂ සැසිවාරයක් ලෝක සෞඛය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් Dr Tedros Adhanom Ghebreyesus මහතාගේ ප්‍රධානත්වයෙන් සහ සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ සමසභාපතිත්වයෙන් යුතුව ස්විස්ටර්ලන්තයේ ජිනිවා නුවර පිහිටි ලෝක සෞඛ්‍ය සංවිධාන මූලස්ථානයේ දී පැවැත්විනි. 


මෙහිදී එක් එක් රටවල මැලේරියා රෝගය තුරන් කිරීම සදහා ගත් ක්‍රියාමාර්ග පිළිබදව අදහස් හුවමාරු කර ගන්නා ලදි.  ශ්‍රී ලංකාව මැලේරියා රෝගය තුරන් කළ රටක් ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් නම් කර ඇත.