සෞඛ්‍ය අමාත්‍යාංශය

ශ්‍රී ලංකාව

 

වෛරස් උණ රෝගය පිළිබදව සොයා බැලීමට තවත් විශේෂඥ වෛද්‍ය කණ්ඩායමක් දකුණට. 2018-05-21

 
දකුණු පළාතේ පැතීරි යන වෛරස් උණ රෝගය පිළිබදව තවදුරටත් සොයා බැලීම සදහා වසංගත රෝග විද්‍යා අංශයේ විශේෂඥ වෛද්‍ය කණ්ඩායම් දකුණු පළාතට යොමු කරන ලෙස සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතාට උපදෙස් ලබා දී ඇත
 
 ඒ අනුව වසංගත රෝග විද්‍යා අංශයේ අධ්‍යක්ෂ අනිල් දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් යුත්  විශේෂ වෛද්‍ය කණ්ඩායමක් පසුගිය දින වල ද එම ප්‍රදේශවල සංචාරය කරමින් මෙම රෝගී තත්ත්වය පිළිබදව පරික්ෂණ පවත්වන ලදි අද (21) දිනයේ ද තවත් විශේෂඥ වෛද්‍ය කණ්ඩායමක් දකුණු පළාතේ පැතිර යන වෛරස් උණ රෝගය සහ රෝගීන් නිරීක්ෂණය කිරිම සදහා එම ප්‍ර දේශයේ සංචාරයක නිරතව සිටිති.
 
වෛරස් උණ රෝගය ව්‍යාප්තිය පාලනය කිරිම සදහා ගත හැකි ක්‍රියාමාර්ග පිළීබදව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ ප්‍රධානත්වනේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී විශේෂ සාකච්ඡාවක් අද (21) පැවැත්විනි. එහිදී දකුණු පළාතේ රෝහල් වලට අවශ්‍ය ඖෂධ වර්ග සහ උපකරණ කඩිනමින් යොමු කිරීමටත්, තීරණය විය.