සෞඛ්‍ය අමාත්‍යාංශය

ශ්‍රී ලංකාව

 

ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක සෞඛ්‍ය සේවාව ඉන්දියාවේ පැසසුමට 2018-03-02

 
ශ්‍රී ලංකාවේ නොමිලේ සෞඛ්‍ය සේවා ක්‍රියාත්මකවන ආකාරය පිළිබදව අධ්‍යනයක නිරතවීම සදහා දිවයිනට පැමිණි ඉන්දියාවේ IMC වාණිජ සහ කර්මාන්ත මණ්ඩලයේ සභාපති Dr.Lalit S. Kanodia මහතා ඇතුලු නිලධාරීන් 13 දෙනෙකුගෙන් යුත් දූත පිරිසක් සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා සමග සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී විශේෂ සාකච්ඡාවක් පසුගියදා පවත්වන ලදි.
 
මෙහිදී අත්‍යාවශ්‍ය ඖෂධ වර්ග 48 ක මිල අඩු කිරිම, නොමිලේ ස්ටෙන්ස් සහ අක්ෂි කාච ලබාදීම, දුම්කොළ භාවිතය අවම කිරිම සදහා ගෙන ඇති ක්‍රියාමාර්ග, දුම්වැටි සදහා වූ බද්ධ සියයට 90 කින් ඉහළ නැංවීම, සිගරට් පැකට්ටුවේ ඇති රූපමය අවවාද සියයට 80 දක්වා වැඩි කිරිම, ඇතුලු සෞඛ්‍ය අමාත්‍යවරයා විසින් ගෙන ඇති ක්‍රියාමාර්ග මෙහිදී අවධානයට යොමු කරන ලදි. වසර 2020 වනවිට ශ්‍රී ලංකාවට අවශ්‍ය ඖෂධ වර්ග මෙරටදීම නිෂ්පාදනය කිරීමේ වැඩපිළිවෙල පිළිබදව ද මෙහිදී සාකච්ඡාවට බදුන් විය. නොමිලේ වෛද්‍ය ප්‍රතිකාර සේවා සිදු කිරීමේ ක්‍රියාවලිය පිළිබදව දිර්ඝ ලෙස අධ්‍යනයක නිරත වූ ඉන්දීය නියෝජිත පිරිස එය අගය කිරිමට ලක් කරන ලදි. තව ද ශ්‍රි ලංකාවේ සෞඛ්‍ය සේවාව ලෝක බැංකුව සහ ලෝක සෞඛ්‍ය සංවිධානය අගය කිරීම සතුටට කරුණක් බව නියෝජිත කණ්ඩායමේ සභාපති Dr.Lalit S. Kanodia මහතා ප්‍රකාශ කළේය. ශ්‍රී ලංකාවේ වකුගඩු බද්ධ කිරීමේ වැඩපිළීවෙල පිළිබදව ද මෙහිදී සාකච්ඡා කරන ලදි. රජය විසින් ශ්‍රී ලාංකිකයින් වෙනුවෙන් ගෙන ඇති සෞඛ්‍යමය තීන්දු තීරණ අගය කළ එම  නියෝජිත කණ්ඩායම ඉදිරියේ දී තවදුරටත් මේ පිළිබදව අධ්‍යයනයක නිරත වන බව ද අවධාරණය කර සිටියහ.
 
මෙම අවස්ථාවට සෞඛ්‍ය අමාත්‍යතුමාගේ පෞද්ගලික ලේකම් විශේෂඥ වෛද්‍ය සුජාතා සේනාරත්න මහත්මිය, රාජ්‍ය ඖෂධ නිෂ්පාදන නීතිගත සංස්ථාවේ සභාපති වෛද්‍ය සයුර සමරසුන්දර මහතා ඇතුලු පිරිසක් එක්ව සිටියහ.
 
මෙයට අදාල දර්ශණ https://youtu.be/3_DR1rp3ua4 ඔස්සේ ලබාගත හැක.