සෞඛ්‍ය අමාත්‍යාංශය

ශ්‍රී ලංකාව

 

ගොවීයන්ට අවශ්‍ය දැනුම ලබාදීම සදහා ආයුර්වේද වෛද්‍ය සුදීපා සුගතදාස මහත්මිය විසින් රචිත කෘති 03 ක් එළිදැක්වීම 2018-01-08



2018 වසරේ දී ආයුර්වේද ක්ෂේතුයට අවශ්‍ය ඖෂධ ලබාගැනීම සදහා ගොවීන් දිරිමත් කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා තීරණය කර ඇත. ඒ අනුව ගොවීන් 2000 ක් ආයුර්වේද ඔසු උයන් වගාව සදහා යොමු කිරීමට සැළසුම් කර ඇත. එම ගොවීන්ට අවශ්‍ය දැනුම ලබාදීම සදහා ආයුර්වේද වෛද්‍ය සුදීපා සුගතදාස මහත්මිය විසින් රචිත කෘති 03 ක් එළිදැක්වීම සෞඛ්‍ය අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් කොළඹ දී පසුගියදා පැවැත්විනි.


ඖෂධීය සහ පෝෂණ ගුණයෙන් අනූන වූ හෙළ ආහාර පාන වට්ටෝරුව, ඖෂධීය ශාක වගාව, ඖෂධීය ශාක වගාව සහ ප්‍රමිති අමුද්‍රව්‍ය සකස් කිරීම යන කෘති මෙහිදී එළීදැක්වන ලදි.
මෙම අවස්ථාවට සෞඛ්‍ය ලේකම් ජනක සුගතදාස මහතා ද එක්ව සිටියේය.